Saturday, June 21, 2014
Tuesday, February 18, 2014
තවත් නුඹ දන්නැතුවැති
11:22 PM
No comments
තාමත්...
දහස් ගණනක්
ඇවිද ගිය ඒ
වෙරල වැලි මත
අප දෙපා සටහන්
වෙන්නැති...
අදත් යන එන
මගදී නැවතී
ඒ, පා සටහන්
සොයනවා මම
තවත් නුඹ
දන්නැතුවැති
ඇවිද ගිය ඒ
වෙරල වැලි මත
අප දෙපා සටහන්
වෙන්නැති...
අදත් යන එන
මගදී නැවතී
ඒ, පා සටහන්
සොයනවා මම
තවත් නුඹ
දන්නැතුවැති
Wednesday, January 29, 2014
හදුනා ගතිමි..
4:53 AM
No comments
හදුනා ගතිමි...එකක් හැර සියළුම දේ
හදුනා ගතිමි...
එනමුදු...,
හදුනා ගැනිමට නොහැකි වු එකම දෙය
නුඹේ ආදරයයි...
හෙට මළත් !
4:51 AM
No comments
මම ඇයට ආදරේ බව
හොඳට දැන දැනත්
ඇයට කවි ලියන එක
හොඳද මේ වෙන අයත්
ඇගෙ හිතේ ආදරේ
මගෙ නමට නැති වුණත්
දැන ගනින් නුඹටමයි
මගෙ කවිය,
හෙට මළත් !
..---රතු වුණේ - මගේ ඇස් --
1:07 AM
No comments
හ්ම් ඇත්ත...
අපි දෙන්නම කලේ විහිළු....
මම ඔයාට,
ඇත්තට,
ආදරෙයි කියල
විහිළුවට තරහ වුණා...
ඔයා.. මට..!
විහිළුවට,
ආදරෙයි කියල,
ඇත්තට තරහ වුණා..
---රතු වුණේ - මගේ ඇස් --
Monday, December 30, 2013
මම අහස බව නුඹ පොළොව වග
6:14 AM
No comments
නුඹ පොලොව වෙයි
නුබේ ඉඩෝරය නිවාලූනු ලැබු
එකම වැස්සද මමම වුයෙමි ...
සිහින් වැසි පොද වැටෙන විට නුඹ
සිනා සී එය වැලද ගත් හැටි
නුඹේ හද විල දෝර ගලමින්
තුරු මලින් පිබිදෙන්න ගත් හැටි

නොමැත අමතක තවම මතකය
ආදරෙන් නදී පිටර ගැලු හැටි
තවත් මතකය සුවද තැවරුනු
මල් වලින් විහිදෙන්න ගත් හැටි....
අහස මම වූ නුඹෙ සිනහවට
ආදරය වූ වැසි ලබා දුනි
නුබේ සැනසුම ලබා දෙන්නට
නොකල දෙයකුද මගේ ලග නැති....
අහස ගුගුරා වැටුණු පිනි කැට
ලබාදෙන්නට නොහැකි වු කල
නුඹේ සියුමැලි සිනා හසරැලි
නොමැත දැන් හද නිවාලන්නට
ඉඩෝරය ඇවිදින්ද ආයෙත්
සිනා හසරැලි මකාලන්නට
හිරුගෙ රශ්මිය ආයෙත් අවිදින්ද
පිටර ගැලු නදි සිඳ හෙලන්නට
අහස වූ මා හට සමා දෙනු මැනවි
එදා දුන් වැසි ආයෙත් නොදුන්නට
නොකිව්වට නුඹ දන්නවා අද
මා අසරණව හිත ගිලන්ව ඇති බව
වැසි වලාකුලු තිබුණු සෙනෙහස
තිබෙනව කිසිදු අඩුවක්ද නැත
නමුදු කියන්නට එක් දෙයක් ඇත
කාලය මග හරස් කර ඇත
සිතුවෙමි නැවතත් වසින්නට මම
නමුත් බැහැ යලි එය කරන්නට
කාලයේ අණට කීකරුව අද
වෙලා වැසි නොහෙලා සිටින්නට,,,,
නමුත් එකමත් එකම දවසක
ආයත් එමි නුඹේ සිනා දකින්නට
එදා පිටාර ගැලු සෙනෙහෙන්
හද විලේ මල් පුපුදු වන්නට
වස්සානය එන දවසක
සීතල නුඹේ හද මඩලට
ආයෙත් එනවා මම
වැස්සත් අරගෙනම
අන්න ඒ දවසට
නුඹ හිනහෙන විට
හිනහෙන්නම් හදවතින්ම
මටවත් නොදැනෙන්න
නුබටත් හොරා මම
නමුත් කීමට යමක් ඉතිරිව
හදේ සුසුමන් හෙලන්නෙමි සඳ
අපිව කොතරම් දුරද කියනෙමි
මම අහස බව නුඹ පොළොව වග..........
ඇත්තටම හිතට දැනුනනම් කොම්ම්න්ට් නොකර යන්න එපා...
හිතේ හයියට comment එකක් දාල යන්න
ආදරෙයි අහස තරම්....................
ලබන්නා වූ 2014 වර්ශය සුබම සුබ නව වසරක් වේවා
,goodbye 2013,, "welcome 2014,, yeeEhHh,, happy new year!!!























