මම නුඹව අමතක කළෙමි....
කියන්නට කණගාටුය.....
මා හැර දමා ගිය නුඹව...
කිසිම හිතක් පපුවක් නැති සේ
ගලක් වැනි මගේ හිත් මඩලෙන්
අමතක කර දැමීමට
සිදුවිය.......................
එසේ කිරිම මා සාදාරණ බව
මා තරයේ විස්වාස කරන්නකි......
ඇයි මට ඔයාව අමතක කරන්න බැරිද?
කියන්නටත් සතුටුය
මෙතෙක් කල්
හඬ හඬා සිටි මා.
නුඹව අමතක
කරන්නට කොතරම්
උත්සහ කල
බවද මා පමණක්
දන්නා සත්‍යයකි..
දැන් මම නුඹව අමතක කර ඇත....
නුඹ මට මතක් වන්නේද නැත.......
අපි ආ...ගිය තැන්...අපි කතා කරපු දේ
මතක පමනක්ව ඉතිරිව ඇත....
නුඹේ සුවඳ තවමත් මාගේ මතකයේ ............ඈ...............
අනේ මොකක්
ආයෙත් නුඹ මට මතක් වෙලා .........මාගේ හිත කීවෙ බොරුවක්ද?
මූ දැන් මහා ලොකුවට
කිව්වනේ ඔයව අමතක කලා කියලා ...........ඒ කියන්නෙ ...
මගෙ හිත මට කිව්වෙ බොරු....
එතකොට මම ඉස්සෙල්ල ලියපුවත් බොරුද?......................
ආයෙත් ලියවෙන්නෙ නුඹ ගැනමනේ .....
මොකද්ද ඇත්තටම මේ මම කරන විහිලුව ...
ලෝකෙට කෑ ගහනව ඔයාව අමතක කලා කියලා..
මම අමතක කලා කිව්වට .....
මට දැනෙනව,මට හිතෙනවා....
අමතක කලා කියන්නත්...
මතක් වෙලා තියෙන්නෙ ඔයාව........
අනේ අනේ අන්තිමට බැලුවම මම කරල තියෙන්නේ
ඔයව මතක් කරන්න ක්‍රමයක් නැතුව
අමතක කරනවා කියන වචනෙ ඉස්සරහට දා ගෙන
ඔයාව මතක් කරපු එකම තමයි ......
(මම විතරක් නෙවෙයි...... අපේ යාලුවො ගොඩක් අය කරන්නෙ මේකම තමා එකයි මම මේ post එක ලිව්වෙ)
නුඹව අමතක කරන්නට මම ..........මතක අමතක කල උවත්.
නුඹව අමතක කරන්නට මම............එන සුලඟ නොවිඳන නමුත් .
නුඹව අමතක කරන්නට මම............හිත හදන් නිදියන විටත් .
යටි හිතින් අමතක කරනු බැහැ ..........උඩු හිතින් අමතක කලත්.(ශබි)
(ඇත්තම සීන් එක මේක තමා මචන් )
හිතට දැනුන දේ කොම්මෙන්ට් කරල යන්න ........
ගිහින් එන්නම් ලඟදිම........ ආදරෙයි අහසක් තරමට sweety..........
සියලුම අදහස් - නුවන් මදුශන්ක











0 comments:
Post a Comment