Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

Monday, December 30, 2013

මම අහස බව නුඹ පොළොව වග


මම අහස වෙමි
නුඹ පොලොව වෙයි


නුබේ ඉඩෝරය නිවාලූනු ලැබු
එකම වැස්සද මමම වුයෙමි ...

සිහින් වැසි පොද වැටෙන විට නුඹ
සිනා සී එය වැලද ගත් හැටි
නුඹේ හද විල දෝර ගලමින්
තුරු මලින් පිබිදෙන්න ගත් හැටි

නොමැත අමතක තවම මතකය
ආදරෙන් නදී පිටර ගැලු හැටි
තවත් මතකය සුවද තැවරුනු 
මල් වලින් විහිදෙන්න ගත්  හැටි....




අහස මම වූ නුඹෙ සිනහවට
ආදරය වූ වැසි ලබා දුනි
නුබේ සැනසුම ලබා දෙන්නට
නොකල දෙයකුද මගේ ලග නැති....

අහස ගුගුරා වැටුණු පිනි කැට
ලබාදෙන්නට නොහැකි වු කල
නුඹේ  සියුමැලි  සිනා  හසරැලි
නොමැත දැන් හද නිවාලන්නට

ඉඩෝරය ඇවිදින්ද ආයෙත්
සිනා හසරැලි මකාලන්නට
හිරුගෙ රශ්මිය ආයෙත් අවිදින්ද
පිටර ගැලු නදි සිඳ හෙලන්නට

අහස වූ මා හට සමා දෙනු මැනවි
එදා දුන් වැසි ආයෙත් නොදුන්නට
නොකිව්වට නුඹ දන්නවා අද
මා අසරණව හිත ගිලන්ව ඇති බව

වැසි වලාකුලු තිබුණු  සෙනෙහස
තිබෙනව කිසිදු අඩුවක්ද  නැත
නමුදු කියන්නට එක් දෙයක් ඇත
කාලය මග හරස් කර ඇත

සිතුවෙමි නැවතත් වසින්නට මම
නමුත් බැහැ යලි එය කරන්නට
කාලයේ අණට කීකරුව අද 
වෙලා වැසි නොහෙලා සිටින්නට,,,,

නමුත් එකමත් එකම දවසක
ආයත් එමි  නුඹේ සිනා දකින්නට
 එදා පිටාර ගැලු සෙනෙහෙන් 
හද විලේ මල් පුපුදු වන්නට

වස්සානය එන දවසක
සීතල නුඹේ හද මඩලට
ආයෙත් එනවා මම
වැස්සත් අරගෙනම

අන්න ඒ දවසට
නුඹ හිනහෙන විට
හිනහෙන්නම් හදවතින්ම
මටවත් නොදැනෙන්න 
නුබටත් හොරා මම

නමුත් කීමට යමක් ඉතිරිව
හදේ සුසුමන් හෙලන්නෙමි සඳ
අපිව කොතරම් දුරද කියනෙමි 
මම අහස බව නුඹ පොළොව වග..........

ඇත්තටම හිතට දැනුනනම් කොම්ම්න්ට් නොකර යන්න එපා...
හිතේ හයියට comment එකක් දාල යන්න

ආදරෙයි අහස තරම්.................... 
ලබන්නා වූ 2014 වර්ශය සුබම සුබ නව වසරක් වේවා

,goodbye 2013,, "welcome 2014,, yeeEhHh,, happy new year!!!





Tuesday, December 24, 2013

දනිමි නුඹ මට ආදරේ වග

හිතේ ගැඹුරුම තැනක හිඳ ඔබ
අත වනයි නෙතු කදුලු බිංදුවට....
සැනසුනත් මා සිතට දිරි ගෙන 
මට හොරෙන් ඔබ එබෙයි හිතටම......

එපා අහිතක් හිතන්නට ඔබ 
අහිංසක මගෙ පුංචි හිත  ගැන .....
නොබලාම ගියත් මග හැර 
දනිමි මගෙ හිත හඳුනනා වග....


සිත දුකින් වේදනා දෙන විට 
මටත් රහසින් ඔබ සොයයි සිත ...
දුරින් හිඳ හිත රිදෙව්වට නුඹ
දනිමි නුඹ මට ආදරේ වග......

hithe gamburuma thanaka hidi oba..
atha wanai neth kandulu binduwata..
sanasunath maa sithata diri gena..
mata horen oba ebei hithatama...

epa ahithak hithannata oba..
ahinsaka punchi mage hitha gana..
notherena giyath maga hara,,,
danimi mage hitha hadunana waga..

sitha dukin wedana dena wita...
matath rahasin oba soyai sitha...
lanwa mage hitha ridewwada...
danimi oba mata adare waga...
 අදහස් ඇති comment කරල යන්න..... 

Monday, December 2, 2013

මම නුඹව අමතක කළෙමි....

මම නුඹව අමතක ළෙමි....


කියන්නට කණගාටුය.....

මා හැර දමා ගිය නුඹව...
කිසිම හිතක් පපුවක් නැති සේ
ගලක් වැනි මගේ හිත් මඩලෙන්
අමතක කර දැමීමට
සිදුවිය.......................

එසේ කිරිම මා සාදාරණ බව
මා තරයේ විස්වාස කරන්නකි......

ඔයා මාව දාල ගියානම්...
ඇයි මට ඔයාව අමතක කරන්න බැරිද?
 කියන්නටත් සතුටුය
මෙතෙක් කල්
හඬ හඬා සිටි මා.
 නුඹව අමතක
කරන්නට කොතරම්
උත්සහ කල
බවද මා පමණක්
දන්නා  සත්‍යයකි..
දැන් මම නුඹව අමතක කර ඇත....
නුඹ මට මතක් වන්නේද නැත.......



අපි ආ...ගිය තැන්...අපි කතා කරපු දේ
මතක පමනක්ව ඉතිරිව ඇත....
නුඹේ  සුවඳ තවමත් මාගේ මතකයේ ............ඈ...............
අනේ මොකක්
ආයෙත් නුඹ මට මතක් වෙලා .........මාගේ  හිත කීවෙ බොරුවක්ද?
මූ දැන් මහා ලොකුවට
 කිව්වනේ ඔයව අමතක කලා කියලා ...........ඒ කියන්නෙ ...
මගෙ හිත මට කිව්වෙ බොරු....
එතකොට මම ඉස්සෙල්ල ලියපුවත් බොරුද?......................
ආයෙත් ලියවෙන්නෙ නුඹ ගැනමනේ   .....


මොකද්ද ඇත්තටම මේ මම කරන විහිලුව ...
ලෝකෙට කෑ ගහනව ඔයාව  අමතක කලා කියලා..
මම අමතක කලා කිව්වට .....
මට දැනෙනව,මට හිතෙනවා....

අමතක කලා  කියන්නත්...

මතක් වෙලා තියෙන්නෙ ඔයාව........


අනේ අනේ අන්තිමට බැලුවම මම කරල තියෙන්නේ
ඔයව මතක් කරන්න ක්‍රමයක් නැතුව
අමතක කරනවා කියන වචනෙ ඉස්සරහට දා ගෙන
ඔයාව මතක් කරපු එකම තමයි ......
(මම විතරක් නෙවෙයි...... අපේ යාලුවො ගොඩක් අය කරන්නෙ මේකම තමා එකයි මම මේ post එක ලිව්වෙ)

නුඹව අමතක කරන්නට මම ..........මතක අමතක කල උවත්.
නුඹව අමතක කරන්නට මම............එන සුලඟ නොවිඳන නමුත් .
නුඹව අමතක කරන්නට මම............හිත හදන් නිදියන විටත් .
යටි හිතින් අමතක කරනු බැහැ ..........උඩු හිතින් අමතක කලත්.(ශබි)

(ඇත්තම සීන්  එක මේක තමා මචන් )
හිතට දැනුන දේ  කොම්මෙන්ට් කරල යන්න ........ 


ගිහින් එන්නම් ලඟදිම........ ආදරෙයි  අහසක් තරමට sweety..........
සියලුම අදහස් - නුවන් මදුශන්ක





Saturday, November 30, 2013

ආදරය වැස්සක්

මම කෙලින්ම කියනවා ආදරය 
කියන්නෙ වැස්සක් කියාලා .........
ආදරය කියන වචනෙට වැස්ස කියන 
වචනෙ ගොඩක් සමානයි.....
කොහොමද යකෝ වැස්සට 
ආදරය සමානයි කියන්නේ ........



ඔයා මතක තියා ගන්න දවසක ඔයාගෙ ලෝකෙටත් ආදරය කියන වැස්ස වහීවි...
හෙමින් පොඩි පොද වටෙවි...
සුලන් හමාවි......
අකුනු ගහවි....
පොද ටික ටික වැඩි වෙලා මහා වරුසාවක් වෙවි......


ඔයාටත් ආදරය හිතට දැනෙවි
හෙමින් ආදරය වැඩි වෙවි...
හිත් අමනාපකම් ඇති වෙවි(අකුණු)
හිතට දහසක් සිතුම් ගලා ඒවි(සුලග)
ඔයා එයාට ගොඩාක් අදරය කරවි.....
එයත් ඔයාට ගොඩාක් ආදරය කරාවි....


හැබයි මතක තියා ගන්න වැස්සක් වැස්සම අනිවාරයෙන්ම පායනව කියලා.........
ඊටත් වඩා හොදට මතක තියා ගන්න ඔයාගෙ ලෝකෙට කොච්චර නියගය තිබුනත් අනිවාරයෙන්ම දවසක
වහිනව කියලා...
අනිවාරයෙන්ම වහිනව.....
වහින පායන අපෙ ලෝකය අත්තටම වැස්සක් වගේ නේද?



මම කියනවට වඩා දෙයක් වැස්ස ගැන ඔයාගෙ හිතටත් දැනෙවි........
 අදහස් ඇති comment කරල යන්න.....
ඇත්තටම මීට වඩා යමක් ලියන්න කියලයි වැස්ස ගැන ලිව්වෙ ...ලියවුනෙ මෙච්චරයි...
හිතේ තියන අදහස් අකුරු කරන්න අමාරුයි.......සුබ දවසක්...ආදරෙයි අහස තරම්....අහසක් තරමට...

නුඹ

කවදාවත් නොදුටු
කවදාවත් නොඇසු
මගේ දිවියේ
නොලියු කවිය නුඹ 

Edit by Nuwan(shabi)

Saturday, November 9, 2013

Aashiqui 2

මම අද ඔයාලට පොඩි උදව්වක් කරන්න හදන්නෙ..

Aashiqui 2



මේ දවස් වල මාරම HIT වෙච්ච බොලිවෝඩ් වල Aashiqui 2 ෆිල්ම් එක කවුරුත් වගෙ දන්නවනෙ................................................... 
ඉතින් බලල නැත්තම් දැන්මම  බලන්න... CD shop එකකට ගිහින් ඉල්ලන්න Aashiqui 2 ෆිල්ම් එක දෙන්න කියල .. අනිව තියනව දැන් හැම කඩේකම  වගේ............... හරි මම අද ඔයාලට දෙන්නෙ Aashiqui 2 film එකෙ සින්දු ටික නොමිලේ download කර ගන්න හැටි........  වෙබ් එකෙ නොමිලේ  දෙන තමන් කැමති සින්දු හොයන්න මාර ගේමක් දෙන්න වෙනවනේ.... මම මෙ පොස්ට් එක දාන්න ප්‍රධාන හේතුවනම් 
සමහර අය දන්නෙ නෑනෙ සින්දු computer එකට Download කර ගන්න..  හැම කෙනාම නෙවෙයි හොදේ..:p .ඉතින් ඉක්මනින්ම ගන්න හැටි මම කියලා දෙන්නම් ..... 


බොරු වැඩක් නෑනේ  ඔන්න මමනම්  මේ දවස් වල හැම වෙලාවෙම වගේ අහන්නෙ මෙකෙ සින්දු තමයි...
ටික කාලයක් සේපාලිකා  ඇහුව,තව ටික් කාලයක් මුතු පලස අහුව... හිකි හිකිස්ස් :):):):)
කාලෙන් කාලෙට සින්දු වෙනස් වෙනවනෙ... දැන් අහන්නේ Aashiqui තමා...... හින්දි දන්නෙ නැති උනාට 
මේකෙ සින්දු ටික මාරම බොක්කට වදින සින්දු ටිකක් තියෙන්නෙ................
  මේ ෆිල්ම් එක මෙච්චර ජනප්‍රියත්වයට පත් උනේ සින්දු ටිකෙන්ම තමා........

හරි වැඩි කතා ඕන නෑ...... සින්දු ටික ගමුකො සින්දු 9ක් තියනව... 

තමන්ට ඕන සින්දුව ඉස්සරහ තියෙන Download කියන තැන click කරන්න..
click කරල කරන්න ඕන ටික යටින් තියනව බලන්න.......





  • Milne Hai Mujhse Aay    DOWNLO
Click කලාම Open වෙන web page එකේ DOWNLOAD කියල රතු පාටින් පෙන්නල තියෙන තැනට ගිහින්
click කරන්න ... ඊට පස්සෙ ඔයාගෙ computer එකට  සින්දුව download වෙයි.... පහලින් පෙන්නල තියෙන්නෙ ඔබන්න ඕන download buttun එක......



Hum Mar Jayenge


දැන් මාහට නුබ නොමැතිව සිටිය නොහැකියි.♪
නුබ නොමැතිව මගේ පැවතීම කුමක්ද.♪ නුබගෙන් දූරස් වීමෙන් සිදූවන්නේ" ♪
මා" මගෙන්ම වෙන්ව යාමයි.♪ මොකද" නුබම පමණයි" දැන් නුබම පමණයි.♪
ජීවිතය දැන් නුබම පමණයි.♪
මාගේ සැනසුමද" මාගේ වේදනාවද.♪
මාගේ උමතුවද" නුබම පමණයි.♪ නුබගේ" මාගේ සම්බන්දය එවැනිය" ♪
මොහොතක දූරස් වීමක් වත් සිදූවිය නොහැකියි.♪
නුබ වෙනුවෙන්මය මා නිතරම ජීවත් වූයේ.♪
මාගේ සියලූ කාලයන් මා නුබට දූන්නෙමි.♪
නුබ නොමැති මාගේ කිසිම මොහොතක් නොවේ.♪
හැම" හුස්මකම ඇත්තේ නුබගේ නමයි.♪ මොකද" නුබම පමනයි" දැන් නුබම පමනයි.♪
ජීවය මාගේ" දැන් නුබම පමණයි.♪
මාගේ සැනසුම මෙන්ම" වේදනාවද.♪
ඒ වගේම මාගේ උමතුවද නුබම පමණයි. ♪ නුබ වෙනුවෙන්මය මා ජීවත් වූයේ.♪
මාද නුබට පරිත්යාග කලෙමි.♪
නුබගේ පක්ෂපාති බවයි මා බලාගත්තේ.♪
සියලූරෑ වේදනා" හදින් පිටමන් කලේ.♪
නුබ සමගයි මා දෛවය බැදී ඇත්තේ.♪
නුබ ලබා ගැන්මෙනුයි මා සම්පූර්ණ වූයේ.♪ මොකද" ඒ නුබම පමණයි.♪
මගේ ජීවය නුබම පමණයි.♪
සැනසුමත්" වේදනාවත්.♪
මාගේ උමතුවත්" නුමබ පමණයි.♪ මොකද" නුබම තමයි" දැන් නුබ්ම පමණයි.♪
ජීවය දැන් නුබම පමණයි.♪
වේදනාව" සැනසුම.♪
මාගේ උමතුව දැන් නුබම පමණයි... 


හරි ඉතින් මොකද දැන් කියන්නෙ ලස්සනයි නේද ?
headphone එක ගහල ඇස් දෙක පියා ගෙන හිතට දැනෙන විදියට රස විදින්න... ඇත්තටම අමුතු හැඟීමක් 
හිතට දැනෙවි.......... එහෙනම් ගිහින් අයෙත් දවසක ලස්සන දෙයක් අරන් ඔයාගේ ලගට  එන්නම් ....
අහසක් තරමට ආදරෙත් අරන් .......ආදරෙයි අහස තරම්...............plz be kind enough to express you are Frank idia... හිතට දැනුනනම් comment නොකර යන්න එපා...ඔයගෙ  comment එක ලොකු හයියක්.....  Edit by Nuwan madushanka
 

මා ගැන මට
අමතක වුවා වගේ
සිතුවිලි සිත අවනත නැතුවා වගේ
සංසාරේ හුරු
සුවඳක් දැනුන වගේ
නුඹ හමුවෙන්නම
මා මෙහි ආවා වගේ 
i love u sweety 

Tuesday, October 1, 2013

මගෙ මලගම

නිදි යහනට අරක් ගත්
 සද දෙව්දුව යන්න ගියා..
තනිකම් දුක් යක්ෂයාට මගෙ 
යහන සින්න වෙලා...
දෙනෙත් කදුලු රූරා බොන 
යක්ෂ විමානයෙන් පලා...
දෙව්දුවෙ යලි එපා එන්න 
 මලගම මගෙ සිද්ද කලා.....kt shabi art......



හිතට දැනුනනම් comment එකක් නොදා යන්න එපා.............

Saturday, September 28, 2013

දෙව්දුව.....................

හිතට දැනුනනම් comment එකක් නොදා යන්න එපා.............

දවසක..........

හිතට දැනුනනම් comment එකක් නොදා යන්න එපා.............

සිත නැවතී නුඹ ගාවම.........

හිතට දැනුනනම් comment එකක් නොදා යන්න එපා.............

ඔයා මට ආදරෙයිද ?

හිතට දැනුනනම් comment එකක් නොදා යන්න එපා.............

නුඹ මට අහිමි වෙලා........

හිතට දැනුනනම් comment එකක් නොදා යන්න එපා.............

Thursday, September 26, 2013

nuba anne na aye...

හිතට දැනුනනම් විතරක් comment එකක් දල යන්න..............................