Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

Monday, December 30, 2013

මම අහස බව නුඹ පොළොව වග


මම අහස වෙමි
නුඹ පොලොව වෙයි


නුබේ ඉඩෝරය නිවාලූනු ලැබු
එකම වැස්සද මමම වුයෙමි ...

සිහින් වැසි පොද වැටෙන විට නුඹ
සිනා සී එය වැලද ගත් හැටි
නුඹේ හද විල දෝර ගලමින්
තුරු මලින් පිබිදෙන්න ගත් හැටි

නොමැත අමතක තවම මතකය
ආදරෙන් නදී පිටර ගැලු හැටි
තවත් මතකය සුවද තැවරුනු 
මල් වලින් විහිදෙන්න ගත්  හැටි....




අහස මම වූ නුඹෙ සිනහවට
ආදරය වූ වැසි ලබා දුනි
නුබේ සැනසුම ලබා දෙන්නට
නොකල දෙයකුද මගේ ලග නැති....

අහස ගුගුරා වැටුණු පිනි කැට
ලබාදෙන්නට නොහැකි වු කල
නුඹේ  සියුමැලි  සිනා  හසරැලි
නොමැත දැන් හද නිවාලන්නට

ඉඩෝරය ඇවිදින්ද ආයෙත්
සිනා හසරැලි මකාලන්නට
හිරුගෙ රශ්මිය ආයෙත් අවිදින්ද
පිටර ගැලු නදි සිඳ හෙලන්නට

අහස වූ මා හට සමා දෙනු මැනවි
එදා දුන් වැසි ආයෙත් නොදුන්නට
නොකිව්වට නුඹ දන්නවා අද
මා අසරණව හිත ගිලන්ව ඇති බව

වැසි වලාකුලු තිබුණු  සෙනෙහස
තිබෙනව කිසිදු අඩුවක්ද  නැත
නමුදු කියන්නට එක් දෙයක් ඇත
කාලය මග හරස් කර ඇත

සිතුවෙමි නැවතත් වසින්නට මම
නමුත් බැහැ යලි එය කරන්නට
කාලයේ අණට කීකරුව අද 
වෙලා වැසි නොහෙලා සිටින්නට,,,,

නමුත් එකමත් එකම දවසක
ආයත් එමි  නුඹේ සිනා දකින්නට
 එදා පිටාර ගැලු සෙනෙහෙන් 
හද විලේ මල් පුපුදු වන්නට

වස්සානය එන දවසක
සීතල නුඹේ හද මඩලට
ආයෙත් එනවා මම
වැස්සත් අරගෙනම

අන්න ඒ දවසට
නුඹ හිනහෙන විට
හිනහෙන්නම් හදවතින්ම
මටවත් නොදැනෙන්න 
නුබටත් හොරා මම

නමුත් කීමට යමක් ඉතිරිව
හදේ සුසුමන් හෙලන්නෙමි සඳ
අපිව කොතරම් දුරද කියනෙමි 
මම අහස බව නුඹ පොළොව වග..........

ඇත්තටම හිතට දැනුනනම් කොම්ම්න්ට් නොකර යන්න එපා...
හිතේ හයියට comment එකක් දාල යන්න

ආදරෙයි අහස තරම්.................... 
ලබන්නා වූ 2014 වර්ශය සුබම සුබ නව වසරක් වේවා

,goodbye 2013,, "welcome 2014,, yeeEhHh,, happy new year!!!





Tuesday, December 24, 2013

දනිමි නුඹ මට ආදරේ වග

හිතේ ගැඹුරුම තැනක හිඳ ඔබ
අත වනයි නෙතු කදුලු බිංදුවට....
සැනසුනත් මා සිතට දිරි ගෙන 
මට හොරෙන් ඔබ එබෙයි හිතටම......

එපා අහිතක් හිතන්නට ඔබ 
අහිංසක මගෙ පුංචි හිත  ගැන .....
නොබලාම ගියත් මග හැර 
දනිමි මගෙ හිත හඳුනනා වග....


සිත දුකින් වේදනා දෙන විට 
මටත් රහසින් ඔබ සොයයි සිත ...
දුරින් හිඳ හිත රිදෙව්වට නුඹ
දනිමි නුඹ මට ආදරේ වග......

hithe gamburuma thanaka hidi oba..
atha wanai neth kandulu binduwata..
sanasunath maa sithata diri gena..
mata horen oba ebei hithatama...

epa ahithak hithannata oba..
ahinsaka punchi mage hitha gana..
notherena giyath maga hara,,,
danimi mage hitha hadunana waga..

sitha dukin wedana dena wita...
matath rahasin oba soyai sitha...
lanwa mage hitha ridewwada...
danimi oba mata adare waga...
 අදහස් ඇති comment කරල යන්න..... 

Monday, December 2, 2013

මම නුඹව අමතක කළෙමි....

මම නුඹව අමතක ළෙමි....


කියන්නට කණගාටුය.....

මා හැර දමා ගිය නුඹව...
කිසිම හිතක් පපුවක් නැති සේ
ගලක් වැනි මගේ හිත් මඩලෙන්
අමතක කර දැමීමට
සිදුවිය.......................

එසේ කිරිම මා සාදාරණ බව
මා තරයේ විස්වාස කරන්නකි......

ඔයා මාව දාල ගියානම්...
ඇයි මට ඔයාව අමතක කරන්න බැරිද?
 කියන්නටත් සතුටුය
මෙතෙක් කල්
හඬ හඬා සිටි මා.
 නුඹව අමතක
කරන්නට කොතරම්
උත්සහ කල
බවද මා පමණක්
දන්නා  සත්‍යයකි..
දැන් මම නුඹව අමතක කර ඇත....
නුඹ මට මතක් වන්නේද නැත.......



අපි ආ...ගිය තැන්...අපි කතා කරපු දේ
මතක පමනක්ව ඉතිරිව ඇත....
නුඹේ  සුවඳ තවමත් මාගේ මතකයේ ............ඈ...............
අනේ මොකක්
ආයෙත් නුඹ මට මතක් වෙලා .........මාගේ  හිත කීවෙ බොරුවක්ද?
මූ දැන් මහා ලොකුවට
 කිව්වනේ ඔයව අමතක කලා කියලා ...........ඒ කියන්නෙ ...
මගෙ හිත මට කිව්වෙ බොරු....
එතකොට මම ඉස්සෙල්ල ලියපුවත් බොරුද?......................
ආයෙත් ලියවෙන්නෙ නුඹ ගැනමනේ   .....


මොකද්ද ඇත්තටම මේ මම කරන විහිලුව ...
ලෝකෙට කෑ ගහනව ඔයාව  අමතක කලා කියලා..
මම අමතක කලා කිව්වට .....
මට දැනෙනව,මට හිතෙනවා....

අමතක කලා  කියන්නත්...

මතක් වෙලා තියෙන්නෙ ඔයාව........


අනේ අනේ අන්තිමට බැලුවම මම කරල තියෙන්නේ
ඔයව මතක් කරන්න ක්‍රමයක් නැතුව
අමතක කරනවා කියන වචනෙ ඉස්සරහට දා ගෙන
ඔයාව මතක් කරපු එකම තමයි ......
(මම විතරක් නෙවෙයි...... අපේ යාලුවො ගොඩක් අය කරන්නෙ මේකම තමා එකයි මම මේ post එක ලිව්වෙ)

නුඹව අමතක කරන්නට මම ..........මතක අමතක කල උවත්.
නුඹව අමතක කරන්නට මම............එන සුලඟ නොවිඳන නමුත් .
නුඹව අමතක කරන්නට මම............හිත හදන් නිදියන විටත් .
යටි හිතින් අමතක කරනු බැහැ ..........උඩු හිතින් අමතක කලත්.(ශබි)

(ඇත්තම සීන්  එක මේක තමා මචන් )
හිතට දැනුන දේ  කොම්මෙන්ට් කරල යන්න ........ 


ගිහින් එන්නම් ලඟදිම........ ආදරෙයි  අහසක් තරමට sweety..........
සියලුම අදහස් - නුවන් මදුශන්ක