4:53 AM
හදුනා ගතිමි...එකක් හැර සියළුම දේ
හදුනා ගතිමි...
එනමුදු...,
හදුනා ගැනිමට නොහැකි වු එකම දෙය
නුඹේ ආදරයයි...
4:51 AM
මම ඇයට ආදරේ බව
හොඳට දැන දැනත්
ඇයට කවි ලියන එක
හොඳද මේ වෙන අයත්
ඇගෙ හිතේ ආදරේ
මගෙ නමට නැති වුණත්
දැන ගනින් නුඹටමයි
මගෙ කවිය,
හෙට මළත් !
1:07 AM
හ්ම් ඇත්ත...
අපි දෙන්නම කලේ විහිළු....
මම ඔයාට,
ඇත්තට,
ආදරෙයි කියල
විහිළුවට තරහ වුණා...
ඔයා.. මට..!
විහිළුවට,
ආදරෙයි කියල,
ඇත්තට තරහ වුණා..
---රතු වුණේ - මගේ ඇස් --
1:02 AM
ගෙවෙන අවසානයට පෙර එක් මොහොතක්
හිනාවෙන රෝස කම්මුල් වලින් එක් අරමුණක්
දියාරු වෙන දින ගණන් වලට දුන් විරාමයක්
හදවතින් ගතු කියන එකම එක ප‍්‍රාර්ථනා සිහිනයක්
පුරන්නෙමි හදවතින්ම ඔය විඩාබර අවසානයට නිමාවක්...,
හදවතින්ම......